කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සහ ඩීප් ෆේක් (Deep fake) තාක්ෂණය භාවිත කරමින් රටේ ඉහළ පෙළේ දේශපාලන නායකයින්ගේ සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රුව යොදාගෙන සිදුකරන මූල්‍ය වංචා රැල්ලක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ජනතාව දැනුවත් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ රුව යොදාගනිමින්, මුදල් ආයෝජනය කිරීමෙන් මාසික ප්රතිලාභ ලබාගත හැකි බවට අසත්‍ය ප්‍රකාශ කරන වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතින බව එම සංසදය පෙන්වා දෙයි.
මෙම වංචනික වීඩියෝවල අන්තර්ගත සබැඳි (Links) හරහා ජනතාව ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරවා, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සහ මුදල් සොරාගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට තහවුරු වී තිබේ. ආයෝජන අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇත.
එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙවැනි සැක සහිත වීඩියෝ සහ සබැඳි පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තමන්ගේ වටිනා දත්ත සහ මුදල් වංචනිකයන් අතට පත් නොවීමට වගබලා ගන්නා ලෙසත්, කිසිදු තහවුරු නොකළ සබැඳියක් ඔස්සේ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසත් එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර