කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) විසින් අඛණ්ඩව 10 වැනි වරටත් ආසියාවේ හොඳම බහාලුම් පර්යන්තය ලෙස සම්මාන දිනාගනිමින් ජාත්‍යන්තර ක්ෂේත්රයේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කරගෙන තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා වූයේ චීනයේ ෂැංහයි නුවරදී පැවැති 2026 ආසියානු භාණ්ඩ ප්‍රවාහන, ලොජිස්ටික්ස් සහ සැපයුම් දාම (AFLAS) සම්මාන උළෙලේදීය.
TEU මිලියන 4ට අඩු කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි කරගත් CICT, අඛණ්ඩව දස වසරක් පුරා මෙම ගෞරවය දිනාගත් පළමු බහාලුම් පර්යන්තය ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙම ජයග්‍රහණය කොළඹ වරාය කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට ලබාදෙන දායකත්වයට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමක් බව සමාගම පවසයි.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා සඳහන් කළේ, වසර දහයක් පුරා පවත්වාගෙන ආ මෙහෙයුම් විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ සේවා ගුණාත්මකභාවය මෙම ජයග්‍රහණය පිටුපස ඇති බවයි. චයිනා මර්චන්ට්ස් පෝර්ට් සමූහයේ (CMPort) උපායමාර්ගික නායකත්වය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හවුල්කාරිත්වය මෙම සාර්ථකත්වයට මූලික වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ගෝලීය සැපයුම් දාමයේ සිදුවන වෙනස්කම්වලට අනුගත වෙමින්, CICT මේ වන විටත් කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල්කරණය වැනි නවීන තාක්ෂණයන් සිය මෙහෙයුම් සඳහා යොදා ගනිමින් සිටී. ස්මාර්ට් වරාය සංකල්පය යටතේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටියි.
2014 වසරේදී පූර්ණ මෙහෙයුම් ආරම්භ කළ CICT, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගැඹුරු ජල බහාලුම් පර්යන්තය ලෙස වසරකට TEU මිලියන 3කට අධික බහාලුම් ප්‍රමාණයක් හසුරුවයි. මෙම සම්මානය සඳහා ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ නාමයෝජනා සහ තාක්ෂණික ඇගයීම්වලින් අනතුරුවය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර