එප්පාවල පොස්පේට් ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුවූ විවිධ අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව නීතිමය පියවර ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ එප්පාවල “පොල් ඩබල්” පොහොර වෙළඳපොළට හඳුන්වා දීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අතීතයේදී නීති රීති උල්ලංඝනය කරමින් රොක් පොස්පේට් අපනයනය කිරීම් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය. එම අක්‍රමිකතා සිදු කළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඔවුන් කලබලයට පත්ව සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමනේදී කෘෂිකර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නා බවත්, එප්පාවල පොස්පේට් නිධිය ඒ සඳහා විශාල සම්පතක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ලංකා පොස්පේට් ආයතනය මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බවත්, නව නිෂ්පාදන හරහා කෘෂිකර්මාන්තයට නව ජවයක් එක් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.
වසර 76ක් පුරා පැවති වැරදි ක්‍රමවේදයන් එකවර වෙනස් කිරීම අභියෝගයක් වුවද, ජනවරමට ගරු කරමින් රට නිවැරදි මාවතට ගෙන ඒම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරන බවද සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර