කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම ඊයේ (04) රාත්‍රියේ කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේදී සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි හුණුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සතුව තිබී තීරුබදු රහිත දුම්වැටි 14,600ක්, විදෙස් මත්පැන් බෝතල් 28ක් සහ විද්‍යුත් දුම්වැටි සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 71ක් සහ ග්‍රෑම් 800ක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර