ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් තානාපතිනිය ලබාදුන් දායකත්වය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන්ම තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්රයේ (TVET) සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව දෙපාර්ශවය දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
වර්තමාන ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුමට ගැලපෙන පරිදි කාර්මික අභිමුඛ වෘත්තීය පුහුණු වැඩසටහන් දියත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි. තරුණ පරපුරට තිරසාර රැකියා අවස්ථා උදාකර දීම සඳහා මෙවැනි වැඩසටහන් ඉවහල් වන බව තානාපතිනිය පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර