ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය ඉතිහාසය තුළ වෙළෙඳ සේවය යනු සුවිශේෂී පරිච්ඡේදයකි. 1925 දී ආරම්භ වූ ලංකා ගුවන්විදුලියට සමගාමීව, ශ්රාවකයා වෙත වඩාත් ආකර්ෂණීය සහ රසවින්දනයෙන් පිරි වැඩසටහන් සමූහයක් දායාද කිරීමේ අරමුණින් වෙළෙඳ සේවය බිහිවිය. ආරම්භක අවධියේදී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විකාශන කටයුතු සිදු වුවද, පසුව සිංහල භාෂාවෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මත සිංහල වෙළෙඳ සේවය ස්ථාපිත කෙරිණි.
ආරියදාස පීරිස් මහතා සිංහල වෙළෙඳ සේවයේ ප්‍රථම නිවේදකයා ලෙස කටයුතු කළ අතර, එදා මෙදාතුර මෙරට ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් රැසක් මෙම සේවාව හරහා ජනප්‍රියත්වයට පත්විය. කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල වැනි නිර්මාණශීලී පිරිසකගේ දායකත්වයෙන් ගුවන්විදුලි ක්ෂේත්රය නව මානයකට යොමු විය. විශේෂයෙන්ම හින්දි චිත්‍රපට ගීත සහ දේශීය ගායක ගායිකාවන්ගේ නිර්මාණ ප්‍රචාරය කරමින් වෙළෙඳ සේවය ශ්‍රාවක හදවත් දිනා ගැනීමට සමත් විය.
එදා මෙදාතුර ‘මැලිබන් ගුවන් තොටිල්ල’ වැනි අතිශය ජනප්‍රිය වැඩසටහන් රැසක් බිහි කළ වෙළෙඳ සේවය, අද වන විට නවීන තාක්ෂණය සමඟ එක්වෙමින් සිය විකාශන කටයුතු පවත්වාගෙන යයි. 94.3 සහ 94.5 සංඛ්‍යාත ඔස්සේ මෙන්ම අන්තර්ජාලය හරහාද ලොව ඕනෑම තැනක සිට ශ්‍රාවකයන්ට මෙම සේවාවට සවන් දීමේ හැකියාව පවතී.
වර්තමානයේදී සමාජ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කිරීම, උසස් රසවින්දනය සහ නව ශ්‍රාවක පරපුරක් ආකර්ෂණය කර ගැනීම යන ප්‍රධාන අරමුණු පෙරදැරිව විවිධ වැඩසටහන් මාලාවක් වෙළෙඳ සේවය හරහා විකාශය වේ. උදෑසන සමාජීය වැඩසටහන්වල සිට සන්ධ්‍යා කාලයේ විනෝදාත්මක වැඩසටහන් දක්වා විහිදුණු කාලසටහනක් ඔස්සේ ශ්‍රාවකයන් වෙත ගුණාත්මක අත්දැකීමක් ලබා දීමට වෙළෙඳ සේවය කැපවී සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර