ජිනීවාහි පිහිටි ලෝක වෙළඳ සංවිධාන මූලස්ථානයේදී පැවති ‘WTO Open Day 2026’ උත්සවය සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය. විලියම් රපාඩ් මධ්‍යස්ථානයේ 100 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්වූ ප්‍රදර්ශන කුටිය වෙත ලෝක වෙළඳ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එන්ගෝසි ඔකොන්ජෝ-ඉවෙලා මහත්මිය පැමිණි අතර, ඇයව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක සහ ලෝක වෙළඳ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සමන්ත විජේසේකර යන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ලොවට පෙන්වා දීමේ අරමුණින් මෙම කුටිය හරහා ජාත්‍යන්තර ප්‍රජාවට අපේ රටේ රසවත් ආහාර අත්දැකීම් ලබා දීමට පියවර ගෙන තිබුණි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය කොත්තු රොටි සඳහා අමුත්තන් අතර විශාල ඉල්ලුමක් පැවති බව සඳහන් වේ.
මෙම උත්සවය සඳහා ජිනීවාහි ශ්‍රී ලංකා සංගමය (SLAG) ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහයෝගය හිමිව තිබුණි. සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ ආගන්තුක සත්කාරය ජාත්‍යන්තර තලයේදී ප්‍රදර්ශනය කිරීමට මෙය කදිම අවස්ථාවක් වූ බව තානාපති කාර්යාලය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර