මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම දායාද කළ පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි.
පසුගිය ජූලි 02 වන දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ මෙම උත්සවයේදී සාම්ප්‍රදායික දන්සලක් පවත්වා ශ්‍රී ලාංකීය ආහාර පාන සහ ලංකා තේ වර්ග ඇතුළු දේශීය නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය අමුත්තන් වෙත පිරිනැමීමට කටයුතු යොදා තිබුණි.
තානාපති කාර්යාලය වර්ණවත් බෞද්ධ කොඩි සහ ආලෝක රටා මගින් අලංකාර කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ පවතින පොසොන් උත්සවයේ සාමකාමී වාතාවරණය මෙහිදී මනාව නිරූපණය විය.
එමෙන්ම, තානාපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව අසල ප්‍රදර්ශනය කළ සඳ කිඳුරු ජාතක කතාව නිරූපණය වන පණ්ඩුව දේශීය හා චීන ජාතිකයන්ගේ විශේෂ අවධානයට ලක් විය.
මෙම උත්සවය මගින් විවිධ සංස්කෘතීන් අතර සහයෝගීතාව සහ සුහදත්වය තවදුරටත් වර්ධනය කිරීමට හැකි වූ බව තානාපති කාර්යාලය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර