පොදු ප්‍රවාහන සේවයේ නිරත රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව රාජකාරිවල නිරත වීම තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරුන් 5,242 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි. ඉන් පුද්ගලයින් 239 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වී ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.
ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්මේ තිරසාර පියවරක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දී ඇති අතර, මේ වන විට රට පුරා පරීක්ෂණ 15,000කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබේ. මෙම වසර අවසන් වීමට පෙර වැඩසටහනේ පරිමාණය දෙගුණ කරමින් බස්නාහිර පළාතෙන් පිටත අනෙකුත් පළාත්වලද එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනේ මූලික අරමුණ දඬුවම් ලබාදීම පමණක් නොව, මත්ද්‍රව්‍යවලින් තොරව ආරක්ෂිතව රිය පැදවීමේ වැදගත්කම පිළිබඳව සමාජය දැනුවත් කිරීම බව බලධාරීන් අවධාරණය කරයි. මාර්ග අනතුරු අවම කරමින් මගී ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර