ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන ‘ෆැෂන් බග්’ ආයතනය, සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත වටිනා පරිත්‍යාගයක් සිදු කර තිබේ.
රෝහලේ හෘද කැතීටකරණ රසායනාගාරය (Cardiac Catheterisation Laboratory) සඳහා අත්‍යවශ්‍ය වූ විෂබීජහරණය කළ ශල්‍යාගාර ආවරණ (Theatre Angiogram Covers) කට්ටල පනහක් මෙහිදී රෝහල් බලධාරීන් වෙත භාර දෙනු ලැබීය. හෘද රෝගීන් සඳහා සිදුකරන තීරණාත්මක ශල්‍යකර්ම සහ වෛද්‍ය පරීක්ෂණවලදී මෙම උපකරණ අතිශය වැදගත් වේ.
මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆැෂන් බග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබියන් මහතා සඳහන් කළේ, සීමිත සම්පත් මධ්‍යයේ වුවද සෞඛ්‍ය සේවකයින් ඉටුකරන අසමසම සේවය ඇගයීමට සහ ඔවුන් දිරිමත් කිරීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරන බවයි.
එම ආයතනයේ විකුණුම් සහ අලෙවිකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්. එච්. එම්. ෆරාස් මහතා වැඩිදුරටත් පැවසුවේ, සමාජයට වටිනාකමක් නිර්මාණය කරන සහ අනාගත පරපුරේ යහපැවැත්ම උදෙසා දායක වන ව්‍යාපෘති වෙනුවෙන් තම ආයතනය නිරන්තරයෙන් කැපවී සිටින බවයි.
රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්යසාධනය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන, දහස් ගණන් රෝගීන්ගේ ජීවිත සුරැකීමේ ක්‍රියාවලියට සෘජු සහයෝගයක් වනු ඇතැයි රෝහල් පරිපාලනය විශ්වාසය පළ කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර