රෝගී සත්කාරක සේවාවේදී රසායනාගාර සේවාව ප්‍රධාන කුළුණක් ලෙස ක්‍රියා කරන බවත්, සෑම රසායනාගාර වාර්තාවක් පිටුපසම මිනිස් ජීවිතයක් සැඟවී ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ශ්‍රී ලංකා රසායනික ව්‍යාධිවේදීන්ගේ විද්‍යායතනයේ (CCPSL) 11 වැනි වාර්ෂික අධ්‍යයන සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැති මෙම සමුළුව, ‘පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ යුගයේ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ අන්තර් විෂය සහයෝගීතාවය’ යන තේමාව යටතේ පැවැත්විණි.
නූතන වෛද්‍ය ක්ෂේත්රය තුළ රසායනික ව්‍යාධිවේදය ඉටු කරනු ලබන නිහඬ මෙහෙවර අගය කළ අමාත්‍යවරයා, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර නිරීක්ෂණය සඳහා නිවැරදි වාර්තාකරණයේ ඇති වැදගත්කම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග කළමනාකරණයේදී රසායනාගාර සේවාවන්හි කාර්යක්ෂමතාව අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
ඩිජිටල් සෞඛ්‍ය, කෘතිම බුද්ධිය සහ අණුක රෝග විනිශ්චය වැනි නව තාක්ෂණයන් හරහා රසායනාගාර ක්ෂේත්රය වේගවත් සංවර්ධනයක් අත්කර ගනිමින් සිටින බවත්, පවතින සම්පත් උපරිමයෙන් භාවිත කරමින් රෝගීන්ට ලබාදෙන වාර්තා නිකුත් කිරීමේ කාලය අවම කරගැනීම රටේ උපායමාර්ගික ආයෝජනයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්, විද්‍යාඥයින් සහ පශ්චාත් උපාධි අභ්‍යාසලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී රසායනාගාර වෛද්‍ය විද්‍යාවට විශිෂ්ට සේවයක් ඉටු කළ විශේෂඥයින් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද සිදු කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර