වර්තමාන ගෝලීය දේශපාලන තත්ත්වය තුළ, ලෝකයේ මහා බලවතුන් වන ඇමරිකා එක්සත් ජනපදය සහ චීන මහජන සමූහාණ්ඩුව අතර සීතල යුද්ධයක් පවතී. බොහෝ දෙනා සිතන්නේ චීනය, ඇමරිකාව සතු ‘ලෝකයේ එකම බලවතා’ යන තත්ත්වය උදුරා ගැනීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත්, චීනයේ සැබෑ උපාය මාර්ගය ඊට වඩා වෙනස් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. චීනයට මුළු ලෝකයම යටත් කරගත් අධිරාජ්‍යයක් වීමේ අභිලාෂයක් නොමැති අතර, බටහිර ලෝකය තවමත් නිසි ලෙස වටහා නොගත් වෙනස්ම ආකාරයක දේශපාලන හා ආර්ථික ක්‍රීඩාවක නිරත වී සිටී.
ඇමරිකානු දේශපාලනඥයන් ලෝකය දෙස බලන්නේ තමන්ගේම දෘෂ්ටිකෝණයෙන් බවත්, ආර්ථික හා මිලිටරි වශයෙන් බලවත් වන ඕනෑම රටක් ලෝකයේ බලය අල්ලා ගැනීමට උත්සාහ කරන බවට ඔවුන් විශ්වාස කරන බවත් මෙම වාර්තා සඳහන් කරයි. නමුත් චීනයේ දැක්ම ඊට හාත්පසින්ම වෙනස්ය.
චීන නායකත්වය දන්නා පරිදි, මුළු ලෝකයම තනිව පාලනය කිරීම ආර්ථික, දේශපාලන හා මිලිටරි වශයෙන් කළ නොහැකි, අධික වියදමක් යන මෝඩ වැඩකි. චීනයට අවශ්‍ය වන්නේ බල කේන්ද්‍ර රැසක් පවතින ‘බහු-ධ්‍රැවීය ලෝකයක්’ නිර්මාණය කිරීමයි.
මෙම අරමුණ වෙනුවෙන් චීනය ‘එක තීරයක් එක මාවතක්’ වැනි ව්‍යාපෘතිවලට විශාල වශයෙන් ආයෝජනය කර ඇත. වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී, සංවර්ධනය හා වෙළඳාම මුල්කරගත් සහයෝගීතා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නිසා ගෝලීය දකුණේ රටවල් රැසක් අද වන විට ඇමරිකාවට වඩා චීනය කෙරෙහි විශ්වාසය තබා ඇත.
ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරයට තිබෙන ඒකාධිකාරී බලය දුර්වල කිරීම සඳහා චීනය සියම ඩිජිටල් මුදල් ඒකකය හඳුන්වා දී ඇත. මෙමඟින් බදු එකතු කිරීම, දූෂණය මැඩලීම සහ ගනුදෙනු වියදම් අවම කරගැනීම වැනි වාසි රැසක් ලැබේ.
ඇමරිකානු ඩොලරය දුර්වල වීමට ප්‍රධාන හේතුව චීනය නොව, ඇමරිකාව විසින්ම තමන් වටා ගොඩනගාගත් ණය උගුල බවත්, රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 39.5 ඉක්මවා තිබීමත්, එය ආපසු ගෙවීමට සැලසුමක් නොමැති වීමත් නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වන බවත් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර