නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී, කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ තවත් පැහැරගැනීම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතී.
මෙම විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මීට පෙර ආරක්ෂක අංශ භාරයට ගත් වාහන කිහිපයක් මෙම අපරාධ කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි. එල්ටීටීඊ සංවිධානය භාවිත කළ එම වාහන රාජසන්තක කිරීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් ඒවා මෙලෙස අවභාවිතයට ලක්වී ඇති බව වාර්තා වේ.
මූලික විමර්ශනවලට අනුව, මෙම පැහැරගැනීම් ජාලය ප්‍රධාන වශයෙන්ම කප්පම් ලබා ගැනීම සහ ඉහළ වාණිජ වටිනාකමක් සහිත ඉඩම් හා දේපොළ අත්පත් කර ගැනීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වී ඇත. දේපොළවල හිමිකරුවන් හෝ උරුමකරුවන් ඉලක්ක කර ගනිමින් මෙම පැහැරගැනීම් සිදුකර තිබේ.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් මීට පෙර පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබුණේද සහ එම පැමිණිලිවලට ගත් පියවර මොනවාද යන්න පිළිබඳවද විමර්ශන කණ්ඩායම් මේ වන විට තොරතුරු සොයා බලමින් සිටින බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර