කන්දකුලිය, රෙඩ්බානාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී පොලිස් ක්ෂණික විහිඳුම් බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක යතුරුපැදියෙන් ගමන් කරමින් ධීවරයින් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විශේෂත්වය වන්නේ, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයේ සිටියදී සැකකරුගේ ජංගම දුරකථනයට අයිස් මත්ද්‍රව්‍ය ඉල්ලා ඇමතුම් 76ක් ලැබී තිබීමයි. මෙම ජාවාරම්කරු මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වූ අයෙකු බවද පොලිසිය පවසයි.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
