අමෙරිකා සහ ඉශ්‍රායෙල් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය වෙනුවෙන් පළිගන්නා බවට වත්මන් උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා කමේනි නිවේදනය කර තිබේ.

රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිකුත් කළ ලිඛිත පණිවිඩයකින් ඔහු අවධාරණය කර ඇත්තේ, මෙම පළිගැනීම සමස්ත ඉරාන ජාතියේම අපේක්ෂාව බවත් එය අනිවාර්යයෙන්ම ඉටු විය යුතු බවත්ය. මෙම ක්‍රියාන්විතය ඉරානයට පමණක් නොව ලොව පුරා සිටින නිදහස් මතධාරීන්ගේ සහයෝගය මතද රඳා පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි මාසයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු මාර්තු මාසයේදී නව නායකයා ලෙස මොජ්තබා කමේනි පත් විය. කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් ඔහුට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මෙතෙක් ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති වීම ඉරාන ජනතාව අතර යම් අවිනිශ්චිතතාවයක් ඇති කර තිබේ.

මේ අතර, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ඇති කරගෙන තිබූ සටන්විරාම ගිවිසුම දෙපාර්ශවය අතර සිදුවන ප්‍රහාර හුවමාරු වීම් හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇත. කෙසේ වෙතත්, ගැටුම් සමනය කර ගැනීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දෙරටම එකඟතාව පළ කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version