ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මාර්ගගත ඔට්ටු තැබීමේ සමාගම්වල දැඩි බලපෑමට ලක්ව ඇති බවට බරපතළ චෝදනා එල්ල වෙමින් පවතී. හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලවලට මෙන්ම වත්මන් පරිවර්තන කමිටුවටද මෙම සමාගම්වලට වක්‍රව සහය ලබාදෙන බවට විවේචන එල්ල වී ඇත.

මීට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයකු ලෙස ඉන්දියාව කේන්ද්‍ර කරගත් ඔට්ටු සමාගමක් වන ‘1XBAT’ සම්බන්ධ කර ගැනීමයි. ක්‍රීඩක වෙන්දේසි අවස්ථාවන්හිදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ පරිවර්තන කමිටුවේ නිලධාරීන් මෙම සමාගම් නියෝජිතයන් සමඟ එකම වේදිකාවක පෙනී සිටීම හරහා ඔට්ටු සමාගම්වලට නිල පිළිගැනීමක් ලැබී ඇති බවටද මත පළවේ.

තරග පැවැත්වෙන අතරතුරදී විවිධ අවස්ථාවන් සඳහා ක්ෂණික ඔට්ටු භාරගැනීම මෙම සමාගම් විසින් සිදුකරන බවද වාර්තා වේ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල සජීවී විකාශන අතරතුර වැඩිම වෙළෙඳ දැන්වීම් කාලයක් මෙවැනි ඔට්ටු සමාගම් විසින් අත්පත් කරගෙන සිටීමද තවත් ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ, මෙරට ක්‍රියාත්මක ඔට්ටු සහ කැසිනෝ වෙබ් අඩවි කිසිදු නියාමනයකින් තොරව පවතින බවයි. එබැවින්, මේවා පාලනය කිරීම සඳහා ස්වාධීන නියාමන අධිකාරියක් පත් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර ඇත.

මූලිකව එංගලන්තයේ අශ්ව ධාවන තරග සඳහා පමණක් සීමා වී තිබූ මෙම ඔට්ටු ව්‍යාපාර, මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉලක්ක කර ගනිමින් සිය ව්‍යාපාර පුළුල් කර ඇති බවද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version