ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වය සහ එහි වැදගත්කම පිළිබඳව නවදිල්ලි නුවර ඉන්දියා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවති දේශනයකදී මහ කොමසාරිස් මහේෂිණි කොලොන්නේ මහත්මිය මේ බව අවධාරණය කළාය. සාම අධ්‍යයන මධ්‍යස්ථානයේ ආරාධනයෙන් මෙම දේශනය පැවැත්විණි.
ලෝකයේ කාර්යබහුලම සමුද්‍රීය මාර්ගයක පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දුන් අත්දැකීම් සහ අභියෝග පිළිබඳව ඇය මෙහිදී කරුණු පැහැදිලි කළාය. අතීතයේ පැවති අස්ථාවරත්වයන් ජය ගනිමින් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේදී විශ්වාසවන්ත හවුල්කාරිත්වයන් ඉටු කළ කාර්යභාරය ඇය සිහිපත් කළාය.
ගෝලීය බලශක්ති සහ වෙළඳ ගමනාගමනය සඳහා ඉන්දීය සාගරය කේන්ද්‍රීය ස්ථානයක් ගන්නා බවත්, එම කලාපයේ සාමය පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස නැගී සිටීමට අත්‍යවශ්‍ය බවත් මහ කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය.
කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම තුළින් ශ්‍රී ලංකාවට නව ආර්ථික අවස්ථා උදා කර ගත හැකි බවත්, ඒ සඳහා කලාපීය රටවල් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
