මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ මහතා ඒ සම්බන්ධයෙන් වන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද මීට පෙර කටයුතු කළ මහාචාර්ය අබේකෝන් මහතා, මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව සඳහන් කර තිබේ.

ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version