2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අතිශය තීරණාත්මක එකක් බවට පත්ව ඇත්තේ ආර්ජන්ටිනාවේ නායක ලයනල් මෙසී සහ ස්පාඤ්ඤයේ තරුණ දක්ෂ ක්‍රීඩක ලැමීන් යමාල් අතර පවතින අපූරු සම්බන්ධතාවය හේතුවෙනි. මීට වසර 20කට පමණ පෙර මෙසීගේ තුරුලේ සිටි බිළිඳා අද ඔහුට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගයකදී ක්‍රීඩා කිරීම ලොවම මවිතයට පත් කරන සිදුවීමක් වී තිබේ.
මෙම ඡායාරූපය 2007 වසරේදී බාර්සිලෝනා සමාජය සංවිධානය කළ පුණ්‍යාධාර වැඩසටහනකදී ලබාගෙන ඇති අතර, එහිදී එවකට 20 හැවිරිදි වියේ පසු වූ මෙසී මාස පහක් වයසැති යමාල්ව ඉතා ආදරයෙන් තුරුළු කරගෙන සිටිනු දැකගත හැකිය. මෙම ඡායාරූපය මේ වන විට අන්තර්ජාලය තුළ දැඩි කතාබහට ලක්ව ඇත.
නිව්යෝර්ක්හි පැවති FIFA රසික උත්සවයකදී අදහස් දක්වමින් මෙසී සඳහන් කළේ, තමන් එදා තුරුළු කරගත් බිළිඳා අද තමන්ට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගයකදී හමුවීම ඇදහිය නොහැකි ජීවිතයේ අපූරු සිදුවීමක් බවයි. යමාල් යනු අනාගතයේ බොහෝ දේ ජයගත හැකි අතිදක්ෂ ක්‍රීඩකයෙකු බවත් ඔහු අගය කළේය.
කෙසේ වෙතත්, තරුණ ක්‍රීඩකයාට සුබ පැතුම් එක් කරන අතරම, මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා තමන් ඇතුළු ආර්ජන්ටිනා කණ්ඩායම උපරිම උත්සාහයක නිරත වන බව ද මෙසී වැඩිදුරටත් අවධාරණය කළේය. UEFA යුරෝපීය ශූරතාව සහ FIFA ලෝක කුසලානය යන දෙකම දිනාගත් ලාබාලතම ක්‍රීඩකයා වීමේ අරමුණින් යමාල් මෙම තරගයට එක්වනු ඇත.
