ජෝර්දානය සහ ඉරාකය තුළදී ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මුල්කරගනිමින් ඇමෙරිකාව සහ ඉරානය අතර උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මියගිය සෙබළුන් වෙනුවෙන් දැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ ඇමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇත.
මෙම ප්‍රහාර මාලාව දසවන දිනටත් ක්‍රියාත්මක වන අතර, හොර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය සතු නාවික හැකියාවන් දුර්වල කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ඇමෙරිකානු බලධාරීන් පවසයි. මීට පෙරද ඉරානයේ හමුදා මධ්‍යස්ථාන සහ සන්නිවේදන ජාල ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකාව තහවුරු කරයි.
මේ අතර ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ, තම රට මේ වන විට ඇමෙරිකාව සමඟ මහා පරිමාණ යුද්ධයක නිරතව සිටින බවයි. බහරේන්, ජෝර්දානය සහ සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසන අතර, ජෝර්දානය විසින් ඉරාන මිසයිල තුනක් අහසේදී විනාශ කර ඇති බවද වාර්තා වේ.
කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සහ සමුද්‍රීය ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, හොර්මුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නැව් දෙකක් පුපුරා ගිය බවට ඉරාන මාධ්‍ය පළ කළ වාර්තා ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර