2026 වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (23) නිෂ්ප්‍රභ කර තිබේ.
මෙම විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ එම විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසිනි.
පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව, විභාගය කල් දැමීමට අදාළව අධිකරණයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැත.
පළමු වරට සහ දෙවන වරට විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, අධිකරණ තීන්දුවත් සමඟ නියමිත කාලසටහනට අනුව විභාගය පැවැත්වෙනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර