අධ්‍යාපන ක්ෂේත්රය නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ඩිජිටල්කරණ වැඩසටහන්වල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ස්මාර්ට් පුවරු ලබා දීම සහ අන්තර්ජාල පහසුකම් සැපයීම වැනි ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම NEMIS (ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය) හරහා ගුරු ස්ථාන මාරු කටයුතු සබරගමුව සහ බස්නාහිර පළාත්වල සාර්ථකව ආරම්භ කර ඇති බව නිලධාරීන් පෙන්වා දුන්හ. ඉතිරි පළාත්වල දත්ත ඇතුළත් කිරීම ඉදිරි මාස තුන තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත.
පාසල් සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමේදී ෆයිබර් තාක්ෂණය යොදා ගැනීමටත්, එය ප්‍රායෝගික නොවන පාසල් සඳහා රැහැන් රහිත හෝ චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කිරීමටත් තීරණය විය. දෙසැම්බර් 31 වන විට මෙම පහසුකම් ලබා දී අවසන් කිරීම රජයේ ඉලක්කයයි.
එමෙන්ම, ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) සහ ‘ඊ-තක්සලාව’ යාවත්කාලීන කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ GovTech ආයතනය අතර ගිවිසුම්ගත වීමටද නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර