ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙවන ප්‍රාදේශීය සේවාව ලෙස 1980 වසරේ පෙබරවාරි 03 වන දින ආරම්භ වූ රුහුණු සේවය, දකුණු පළාතේ සංස්කෘතික අනන්‍යතාවය සහ ප්‍රෞඪ උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් සිය විකාශන කටයුතු සිදු කරයි.
ප්‍රජා සහභාගීත්වය ඉහළින්ම අගය කරන මෙම සේවාව, ගුණාත්මක සහ රසවින්දනයෙන් පිරි වැඩසටහන් මාලාවක් ඔස්සේ ශ්‍රී ලාංකීය ගුවන් විදුලි ශ්රාවකයාට සමීප වී සිටී.
රුහුණු සේවයේ වැඩසටහන් 107.3 FM සහ 107.5 FM යන සංඛ්‍යාත ඔස්සේ ශ්‍රාවකයන් වෙත ගෙන එනු ලබයි.
මෙම ගුවන් විදුලි සේවයේ ආවරණ කලාපය දකුණු, ඌව සහ සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි ව්‍යාප්ත වී ඇත. මීට අමතරව අම්පාර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට ද රුහුණු සේවයේ වැඩසටහන් ශ්‍රවණය කිරීමේ අවස්ථාව පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර