කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව යටතේ ක්‍රියාත්මක වන කොළඹ දිස්ත්‍රික් අපද්‍රව්‍ය කළමනාකරණ අනුකමිටුව පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූවාය.
බස්නාහිර පළාතේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පවතින ගැටලු සහ ඒ සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි. අනාගතයේදී අපද්‍රව්‍ය කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
පවතින අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. විශේෂයෙන්ම නිවෙස් මට්ටමින් කොම්පෝස්ට් බඳුන් භාවිතය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය.
අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වල ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු විය. පුරවැසියන් සතු වගකීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.
මෙම රැස්වීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුන ආරච්චි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ ආයතනවල නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර