දේශීය සිසුන්ට සහ වෘත්තිකයන්ට විදේශගත නොවී එක්සත් රාජධානියේ පිළිගත් උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමේ අරමුණින්, ESOL Premier Campus ආයතනය OCN London ආයතනය සමඟ විශේෂ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන තිබේ. මෙම වැඩසටහන හරහා මෙරට සිසුන්ට ගෝලීය මට්ටමේ අධ්‍යාපන අවස්ථා පුළුල් මට්ටමින් හිමිවේ.
එක්සත් රාජධානියේ Ofqual ආයතනය මගින් නියාමනය කරනු ලබන OCN London සුදුසුකම් මාලාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය වන අතර, සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට වඩා දැරිය හැකි මෙන්ම නම්‍යශීලී අධ්‍යාපන විකල්පයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. මෙහිදී සිසුන්ට Level 3 සිට Level 7 දක්වා විවිධ මට්ටම් යටතේ තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට අවස්ථාව සැලසී ඇත.
මෙම පාඨමාලා ඔස්සේ ඉංග්‍රීසි භාෂාව, ව්‍යාපාර කළමනාකරණය, අධ්‍යාපනය සහ පුහුණුව මෙන්ම ඩිජිටල් අලෙවිකරණය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍ර හිමිකර ගත හැකිය. පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට, වෘත්තීය දියුණුව අපේක්ෂා කරන අයට මෙන්ම ගරුවරුන්ට ද මෙමගින් සුවිශේෂී ප්රතිලාභ අත්වන බව ආයතනය පෙන්වා දෙයි.
‘‘ලෝක මට්ටමේ අධ්‍යාපන අවස්ථා දේශීයව ලබා දීමේ අපගේ අරමුණෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම හවුල්කාරිත්වය ඇති කර ගත්තා යැයි” ESOL Premier Campus හි සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ අබිනාෂ් මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර අධ්‍යයන ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති මෙම පාඨමාලා මඟින් සිසුන්ගේ වෘත්තීය සංවර්ධනය සහ රැකියා උසස්වීම් සඳහා විශාල දිරියක් ලැබෙනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර