වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ඉහළ යන උද්ධමනය හමුවේ මුදල් ඉතිරි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම මුදල් කාර්යක්ෂමව වැඩ කිරීම සඳහා නිවැරදි ආයෝජන මාර්ග තෝරා ගැනීම අත්‍යවශ්‍ය බවත් මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. බොහෝ දෙනා තම ආදායම අඩු වී ඇති බවක් හැඟුණද, සැබවින්ම සිදුවන්නේ මුදලේ මිලදී ගැනීමේ හැකියාව හීන වීම බව ජේ.බී. ෆිනෑන්ෂල් (JB Financial) හි ප්‍රධාන විධායක නිලධාරිනී ක්‍රිස්ටීන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය පවසයි.
ආයෝජනයක් සිදු කිරීමේදී තමාගේ මූල්‍ය අරමුණ සහ මුදල් අවශ්‍ය වන කාලසීමාව පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්ය. ඒකක භාර අරමුදල් (Unit Trust) යනු වෘත්තීය කළමනාකරණය යටතේ විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් ලබා ගැනීමට හැකි ඉතා පහසු ක්රමයකි. මෙහිදී ආයෝජකයාට වෙළෙඳපොළ දිනපතා නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවක් ද නොමැත.
විශේෂඥයන් පෙන්වා දෙන පරිදි, හදිසි වියදම් සඳහා මුදල් යොදවන්නේ නම් ‘මනි මාර්කට් ෆන්ඩ්’ (Money Market Fund) වඩාත් සුදුසු වේ. මධ්‍ය කාලීන අරමුණු සඳහා ‘ඉන්කම් ෆන්ඩ්’ (Income Fund) සහ දිගුකාලීන ධනය ගොඩනැගීම සඳහා ‘ඉක්විටි ෆන්ඩ්’ (Equity Fund) වැනි ආයෝජන උපකරණ තෝරා ගැනීම වඩාත් ප්‍රතිඵලදායකය.
තවද, ඒකක භාර අරමුදල් බදු සම්ප්‍රේෂණ ව්‍යුහයක් සහිත ආයෝජන ක්‍රමයක් බැවින්, අරමුදල් මට්ටමේ අය කෙරෙන සියයට 10ක රඳවා ගැනීමේ බද්ද හැර වෙනත් අමතර බදු බරක් ආයෝජකයාට නොමැත. උද්ධමනය හෝ පොලී අනුපාත අපගේ පාලනයෙන් බැහැර වුවද, තම මුදල් කළමනාකරණය කරගන්නා ආකාරය සහ අනාගතය වෙනුවෙන් එය වැඩ කරවන ආකාරය තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ආයෝජකයා සතු වගකීමක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර