ජනාධිපති නිල නිවාස සහ මීට පෙර කැබිනට් අමාත්‍යවරුන් සඳහා වෙන් කර තිබූ නිල බංගලා මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට රජය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මෙම ගොඩනැගිලි නිල නිවාස ලෙස භාවිතා නොකළද, ඒවායේ නඩත්තු කටයුතු සිදු කරමින් ඒවා විනාශ වීම වැළැක්වීමට රජය කටයුතු කරමින් සිටී. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක නිර්දේශ මත, මෙම දේපළ වාණිජ කටයුතු හෝ වෙනත් පොදු අවශ්‍යතා සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
සමහර නිල බංගලා දැනටමත් අධිකරණ කටයුතු සඳහා යොදා ගනිමින් පවතින බවත්, එමගින් රටේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරිය, වත්මන් කැබිනට් මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙකු නිල බංගලාවල පදිංචිව නොමැති බව අවධාරණය කළාය. අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මඩිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින නමුත්, කිසිවෙකුත් අමාත්‍ය බංගලා භාවිතා නොකරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් රජය සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, සමාජ මාධ්‍යවල පළවන පදනම් විරහිත කරුණු මත පදනම්ව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මතු කිරීම නුසුදුසු බවත් ඇය අවධාරණය කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර