ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාව සහ සජීවී සංගීත ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පී රුක්මන් අසිත මහතාගේ අභාවයත් සමඟ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහක් නිර්මාණය වී තිබේ. කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර, මියයන විට ඔහුගේ වයස අවුරුදු 48කි.
මේ අතර, රුක්මන් අසිත සහ ඔහුගේ බිරිඳ අතර සිදුවූ බව කියන සංවාද ඇතුළත් හඬපට කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ විවිධ මත පළවෙමින් පවතී. මෙම සිදුවීම සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් වෙත අදහස් දක්වමින් රුක්මන්ගේ බිරිඳ පවසා සිටියේ, තමන්ට එල්ල වන චෝදනා සහ විවේචන පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි.
තමන් සහ රුක්මන් අතර තිබූ සම්බන්ධතාවය සහ පවුල් ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඕනෑම පවුලක මෙන් ඔවුන් අතරද ගැටුම් පැවති බවයි. “අපි දෙන්නා අතර රණ්ඩු සරුවල් වෙලා තියෙනවා. රණ්ඩු වෙනකොට පරුෂ වචන කියාගන්නවා. මට පහර දීලාත් තියෙනවා. මම මේවා කියන්න හිතුවේ නෑ. නමුත් අද කියන්න වෙනවා,” යනුවෙන් ඇය පවසා ඇත.
එසේම, රුක්මන්ගේ ජංගම දුරකථනය නැතිවීම සම්බන්ධයෙන්ද ඇය අදහස් දක්වා තිබුණි. එහි පෞද්ගලික දේවල් තිබුණේ නම් තමන්ටද දැඩි බලපෑමක් එල්ල විය හැකිව තිබූ බව ඇය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, තමන් තුළ රුක්මන් පිළිබඳව කිසිදු වෛරයක් නොමැති බවද ඇය අවධාරණය කර සිටියාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර