වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී ඊයේ (23) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන පරිදි, මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘මට්ටක්කුලියේ කුඩු රොශාන්’ නැමැත්තා ඉලක්ක කරගනිමිනි. සිය සහෝදරයෙකුගේ දරුවෙකුගේ උපන්දින සාදයකට සහභාගී වී සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

රාත්‍රී 9.40ට පමණ මෝටර් රථයකින් පැමිණි හිස්වැසුම් පැළඳි පුද්ගලයෙකු උත්සව ශාලාව තුළටම ඇතුළු වී පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරය ඉලක්කය වෙත නොව, එම ස්ථානයේ සිටි වෙනත් අයෙකු වෙත එල්ල වී ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version