ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය අද උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබේ. පිහිනුම්, ජිම්නාස්ටික්, බොක්සිං සහ පැසිපන්දු ඇතුළු ක්‍රීඩා රැසක උණුසුම් තරග රැල්ලක් අද දිනයේදී ක්‍රීඩා ලෝලීන්ට දැකගත හැකිය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ අවධානය දිනාගත් කරුණක් වන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකරගේ සහභාගීත්වයයි. ඇමෙරිකානු කණ්ඩායම සමඟින් අත්දැකීම් ලබා ඇති ඇය, මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ජිම්නාස්ටික් පිටියේ නව බලාපොරොත්තුවක් බවට පත්ව සිටී.
පිහිනුම් තරගාවලියේදී ජර්සි ක්‍රීඩක ෆිලිප් නොවාකි සහ ප්‍රවීණ ක්‍රීඩක ඇඩම් රැම්සේ-පීටි අතර පැවැත්වෙන මීටර් 100 බ්රෙස්ට්ස්ට්රෝක් තරගය අද දිනයේ වැඩිම අවධානයක් දිනාගත් ඉසව්වකි. වසර 36කට පසු ජර්සි රාජ්‍යයට රන් පදක්කමක් දිනා දීමේ අභියෝගය නොවාකි හමුවේ පවතී.
එමෙන්ම නෙට්බෝල් පිටියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ටොංගා කණ්ඩායම අතර තරගයත්, බොක්සිං වළල්ලේ ටැන්සානියානු බලාපොරොත්තුව වන යූසුෆ් චංගලාවේගේ තරගයත් අද දිනයේ ක්‍රීඩා ලෝලීන්ගේ නෙත් සිත් ඇදගන්නා තවත් අවස්ථා කිහිපයකි.
කැනඩා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන කාන්තා කලාත්මක ජිම්නාස්ටික් කණ්ඩායම් ශූරතාවලියද අතිශය තරගකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පළපුරුදු ක්‍රීඩිකා එලි බ්ලැක්ගේ නායකත්වයෙන් යුත් කැනඩා කණ්ඩායම මෙවර සිය උපරිම දක්ෂතා දැක්වීමට සූදානමින් සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර