මෙරටට ආනයනය කර හම්බන්තොට වරායේ රඳවාගෙන ඇති වාහන 1025ක් නිදහස් කර ගැනීමට ආනයනකරුවන් මෙතෙක් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙම වාහනවලින් වාහන 625ක්ම මෙරටට ගෙන්වා මාස හයකට අධික කාලයක් ගතවී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කරයි.
මෙම වාහන සම්බන්ධයෙන් කිසිදු රේගු නීති උල්ලංඝනයක් සිදුවී නොමැති බවත්, රේගු ආඥා පනතේ 129 වන වගන්තිය ප්‍රකාරව ඉදිරියේදී මේවා වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ආනයනය කරන ඕනෑම භාණ්ඩයක් මාසයක් ඇතුළත බදු ගෙවා නිදහස් කරගත යුතු බව රේගු රෙගුලාසිවල දැක්වේ. එසේ නොකරන අවස්ථාවලදී අදාළ භාණ්ඩ විකුණා රජයට අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට රේගුවට බලය පවතී.
වෙන්දේසි කිරීමෙන් පසු ලැබෙන මුදලින් බදු සහ වරාය ගාස්තු අයකරගෙන, ඉතිරි මුදලක් වේ නම් එය ආනයනකරු වෙත ලබාදීමට කටයුතු කරන බව රේගුව පවසයි. කෙසේ වෙතත්, යම් ආනයනකරුවෙකුට වාහන නිදහස් කර ගැනීමට නොහැකි වීමට සාධාරණ හේතුවක් පවතින්නේ නම්, ඒ පිළිබඳව සලකා බැලීමට රේගුව සූදානම් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර