බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් ක්රමානුකූල සහ සාධාරණ කිරීමේ අරමුණින් සකස් කරන ලද නව වාර්තාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දී ඇත. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ප්රමුඛ කමිටුව විසින් මෙම වාර්තාව අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
පසුගිය වසරේ ජුනි මාසයේදී කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පත් කරන ලද මෙම කමිටුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව සහ පවතින නීතිමය රාමුව මෙන්ම බන්ධනාගාර පරිපාලනයේ පවතින ගැටලු පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත විය. නීතිඥවරුන්, වෛද්‍යවරුන් සහ බන්ධනාගාර ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මෙම කමිටුව මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.
රටේ බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය අවම කිරීම සහ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් බන්ධනාගාර පද්ධතියේ පවතින අඩුපාඩු මගහරවා ගැනීමට අපේක්ෂා කෙරේ.
ඉදිරි කාලයේදී මෙම නිර්දේශ සලකා බලා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර