පසුගිය වසරේ දකුණු ඉන්දියාවේ කේරළ වෙරළට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් ගිලී ගිය ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MSC ELSA 3 නෞකාවෙන් පිටවූ ප්ලාස්ටික් පබලු (Nurdles) හේතුවෙන් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙම තත්ත්වය හමුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) වහා මැදිහත් වී වෙරළ පවිත්‍ර කිරීමේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
මෙම පවිත්‍රකරණ කටයුතු සඳහා කිසිදු මුදලක් රජයට වැය නොවන පරිදි අදාළ නැව් සමාගම සමඟ එකඟතාවකට පැමිණීමට MEPA කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, උතුරේ පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා බටහිර වෙරළ තීරයේ දිස්ත්‍රික්ක අටක් ආවරණය වන පරිදි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්රතිචක්රීයකරණය කිරීමේ කටයුතු සිදු කෙරේ.
පසුගිය වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ටොන් 508කට අධික අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර ඇති අතර, ඉන් ටොන් 500ක්ම නෞකාවෙන් පිටවූ ප්ලාස්ටික් පබලු වේ. ඉතිරි ප්‍රමාණය වෙරළ තීරයේ තිබී එකතු කරගත් වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ.
මෙම වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී නැව් සමාගම විසින් මෙහෙයුම් වියදම් පියවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්රදානය කරන ලදී. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර