ජර්මනියේ බර්ලින් අගනුවරදී සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බර්ලින් නුවර පැවති පෙළපාලියක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෝටර් රථයක් වේගයෙන් ධාවනය කර මෙම අනතුර සිදුකර ඇත. මෙය හිතාමතා සිදුකළ ක්‍රියාවක්ද යන්න පිළිබඳව බලධාරීන් සැක පළ කරයි.
අනතුර සිදුකළ රියදුරු හඳුනාගෙන ඇති නමුත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තුවාල ලැබූවන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
