ප්‍රංශයේ පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ හටගෙන ඇති ලැව්ගිනි මේ වන විට ඓතිහාසික බෝර්දෝ නගරය දෙසට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ගින්න නගරයේ ප්‍රධාන පිවිසුම ආසන්නයටම පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. වාර්තා වන පරිදි, ප්‍රංශයේ පමණක් පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් ඉවත් කර ඇති අතර ස්පාඤ්ඤයේ හැත්තෑපන්දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
ප්‍රංශයේ අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි ජනප්‍රිය සංචාරක කලාපයක් වන කැප් ෆෙරේ අර්ධද්වීපය ද මෙම ලැව්ගිනි හේතුවෙන් දැඩි ලෙස විනාශ වී ඇත. තවත් පුද්ගලයින් තිස්දහසකට පමණ සිය නිවෙස්වලම රැඳී සිටින ලෙස බලධාරීන් දැනුම් දී ඇත.
බෝර්දෝ නගරාධිපති තෝමස් කසනව් සඳහන් කරන්නේ, ලැව්ගින්න නගරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 15ක පමණ දුරකින් පවතින බවයි. ගින්න නගරයට පැතිරීම වැළැක්වීම සඳහා ගිනි නිවන භටයන් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටිති.
