ITN ප්‍රවෘත්ති සන්නාමය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කංජිපානි සහ දෙහිබාලේ පාර්ශවයන් සමඟ සාකච්ඡා කළ බවට සඳහන් කරමින් මෙම පුවත නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවත් අදාළ මාධ්‍ය ආයතනය තහවුරු කරයි.

මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය සඳහා ITN මාධ්‍ය ජාලයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මහජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙවැනි තහවුරු නොකළ පුවත් පිළිබඳව සැළකිලිමත් වන ලෙසත්, නිල මාධ්‍ය වාර්තා කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් බලධාරීන් වැඩිදුරටත් සිහිපත් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version