පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරීම සහ මරණීය තර්ජන එල්ල කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවති නඩුවේ තීන්දුව අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම නඩුවට අදාළව මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන අය චෝදනා හතරකටත්, ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකු වන රසික කරුණාතිලක මහතා චෝදනා තුනකටත් වැරදිකරුවන් බව මීට පෙර අධිකරණය විසින් තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, නඩු විභාගය අතරතුර රියදුරු බන්දුල රත්නායක මහතා මියගොස් ඇති බව අධිකරණයට වාර්තා විය.

2019 වසරේ පෙබරවාරි මාසයේ බණ්ඩාරවෙල නගරයේදී මෙම සිද්ධිය වාර්තා විය. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම නිර්මාණය වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

තමන් පසු කර ගිය පොලිස් රථය මග හරස් කර නතර කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට පහර දී තුවාල සිදු කළ බවට පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි. අද දිනයේදී අදාළ විත්තිකරුවන්ට එරෙහි දඬුවම් නියම කෙරෙනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version