ජාතික යොවුන් සේනාංකයේ 2026-II කණ්ඩායමට අයත් නැගෙනහිර පළාත් විසිර යාමේ උත්සවය පසුගිය 26 වන දින ත්‍රිකුණාමලය පුහුණු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ගාමිණී වික්රමපාල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
මෙම විසිර යාමේ උත්සවයේදී පුහුණුව සාර්ථකව නිම කළ යොවුන් කැඩෙට්වරුන් 327 දෙනෙකු විසිර ගියහ. එහිදී සෑම පුහුණු මධ්‍යස්ථානයකින්ම තෝරාගත් දක්ෂතම යොවුන් කැඩෙට්වරුන් 14 දෙනෙකු “විශිෂ්ටතම රේන්ජර්” (Best Ranger) සම්මානයෙන් පිදුම් ලැබූහ.
උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ අනාගත නායකත්වය වෙනුවෙන් මෙරට තරුණ පරපුර සවිබල ගැන්වීමට ජාතික යොවුන් සේනාංකය ඉටු කරනු ලබන කාර්යභාරය අතිමහත් බවයි.
විනයගරුක සහ සහකම්පනයෙන් යුත් තාරුණ්‍යයක් ගොඩනැගීම සඳහා රජය විසින් අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර