ගම්පොළ, කීරපනේ ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (28) රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී තිබේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා වහාම ගම්පොළ රෝහලට රැගෙන ගියද, ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය පුද්ගලයා 52 හැවිරිදි කීරපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. සැකකරු විසින් මන්නා පිහියක් භාවිත කරමින් මෙම පහරදීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version