කොළඹ නව කදිරේසන් කෝවිල මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික ආඩි වේල් උත්සවයට අග්‍රාමාත්‍යවරිය පසුගියදා සහභාගී විය. මෙම ආගමික උත්සවය අරලියගහ මන්දිරය අසලින් ගමන් කිරීමේදී අග්‍රාමාත්‍යවරිය එහි පැමිණි පිරිස සමඟ එක්ව ආගමික වතාවත්වල නිරත වූවාය.

අරලියගහ මන්දිරයේ සිට වේල් රථය දක්වා පැමිණි අග්‍රාමාත්‍යවරිය, මුරුගන් දෙවියන් වැඩම කරවූ රිදී රථය වෙත පූජා වට්ටියක් පූජා කර ආශිර්වාද ලබා ගත්තාය. මෙම අවස්ථාවේදී උත්සව සංවිධායක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරිය වෙත සමරු තිළිණ සහ ගෞරව දැක්වීම් සිදු කරන ලදී.

1874 වසරේ සිට අඛණ්ඩව පැවැත්වෙන මෙම වාර්ෂික ආඩි වේල් පෙරහැර මෙවර 152 වැනි වරටත් සංවිධානය කර තිබුණි. කොළඹ චෙට්ටි වීදියේ නව කදිරේසන් කෝවිල සහ බම්බලපිටිය නට්ටුකෝට්ටෙයි නගරතාර් නව කදිරේසන් කෝවිල එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version