යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී අද (30) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කනගරායන්කුලම පොලීසිය පවසයි.

දඹුල්ලේ සිට යාපනය බලා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකි වූ බවට පොලීසිය සැක පළ කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූවන් වහාම මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් මියගොස් ඇත. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය. කනගරායන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version