ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අලුතින් නිකුත් කරන ලද T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලදී ඉන්දීය කණ්ඩායමේ 15 හැවිරිදි යොවුන් ක්‍රීඩක වයිභව් සූර්යවංශි කැපී පෙනෙන දක්ෂතාවක් පෙන්වමින් ස්ථාන 230ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.
මේ වන විට ඔහු ලකුණු 536ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානය දක්වා උසස් වී තිබේ. මෑතකදී පැවැති සිම්බාබ්වේ පිලට එරෙහි T20 තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
අදාළ තරගාවලියේදී තරග 3කට සහභාගි වූ සූර්යවංශි, අර්ධ ශතක දෙකක් ද සමඟින් මුළු ලකුණු 151ක් රැස් කර ගත්තේය. එම දක්ෂතා හේතුවෙන් ඔහු තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.
මේ අතර, ඉන්දීය ක්‍රීඩක ඉෂාන් කිශන් ලකුණු 910ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන අතර, තිලක් වර්මා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. අභිෂේක් ශර්මා දෙවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.
