මහර බන්ධනාගාරයේ හටගෙන තිබූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 300ක පමණ පිරිසක් අද (02) උදෑසන බන්ධනාගාර පරිශ්‍රය වෙත යොමු කර තිබේ.

මෙම මෙහෙයුමේදී විශේෂ කාර්ය බලකාය විසින් බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් නැවත ඔවුන්ගේ වාට්ටු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සහ සාමාන්‍ය කටයුතු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ. පාලනය යටතට ගත් බන්ධනාගාර පරිශ්‍රය නැවතත් බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version