නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයෙන් අඹගමුඔය පිටාර ගැලීම හේතුවෙන් මාර්ගය ජලයෙන් යටවී තිබුණි.

එම අවස්ථාවේ ගිනිගත්හේන සිට නාවලපිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සැඩ පහරට හසුවී අනතුරට ලක්වූ අතර, බස් රථයේ සිටි මගීන් දැඩි අවදානමකට ලක්ව සිටියහ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ අඹගමුව ප්‍රදේශයේ තරුණ පිරිසක්, පවතින අවදානමද නොතකා බස් රථයේ සිටි මගීන් මුදාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළහ.

ඔවුන් ලොරි රථයක ආධාරයෙන් බස් රථය ආසන්නයට ගොස් මගීන් ආරක්ෂිතව මුදාගෙන තිබේ. පසුව කැබ් රථයක් භාවිතා කරමින් සැඩ පහරට හසුවී තිබූ බස් රථයද ගොඩගැනීමට එම තරුණයින් සමත්විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version