රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ පියවරක් ගෙන තිබේ.

ඒ අනුව, ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට ක්ෂණිකව උණුසුම් ආහාර වේලක් ලබාදීමේ අරමුණින් නාවික හමුදාව සතු ජංගම මුළුතැන්ගෙයි හතරක් (04) මේ වන විටත් සූදානම් කර ඇත.

ඕනෑම හදිසි අවස්ථාවකදී මෙම ජංගම මුළුතැන්ගෙයි පහසුකම් යොදා ගනිමින් ආහාර සැපයීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන් බව නාවික හමුදාව පවසයි.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරන අතර, ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට ඔවුන් සූදානමින් සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version