ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය ජූලි 23 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද වීඩියෝවක් මෙටා සමාගමට අයත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වේදිකාවලින් කෙටි කාලයකට ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම සිදුවීම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව පවසමින් මෙටා සමාගමේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයෙල් කැප්ලාන් මහතා, ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් මහතාගෙන් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

මෙටා නිලධාරීන් සහ ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම කරුණු පැහැදිලි කර ඇත. කෙසේ වෙතත්, මෙටා සමාගම ලබාදුන් මෙම පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බව ඉන්දීය අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු තොරතුරු තාක්ෂණ කමිටුවේ සභාපති නිශිකාන්ත් දුබේ මහතා සඳහන් කළේ, මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් ලෙස බැහැර කළ නොහැකි බවයි. ඒ අනුව, මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මහතා දින තුනක් ඇතුළත මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවට ඔහු බලපෑම් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version