හවායි දූපත්හි පිහිටි ‘ඉනූයි සූර්ය දුරේක්ෂය’ (Inouye Solar Telescope) භාවිත කරමින් විද්‍යාඥයන් පිරිසක් සූර්යයාගේ මතුපිට සිදුවන අභ්‍යන්තර ක්‍රියාවලීන් පිළිබඳව නවතම නිරීක්ෂණ රැසක් සිදුකර ඇත. මෙතෙක් ලබාගෙන ඇති පැහැදිලිම රූපරාමු සහ වීඩියෝ දර්ශන මගින් සූර්යයාගේ මතුපිට උණුසුම් වායු චලනයන් හේතුවෙන් චුම්බක ක්ෂේත්‍රය වක්‍ර වන ආකාරය ඉතා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.
මෙම අඛණ්ඩ භ්‍රමණ චලනයන් නිසා සූර්යයා තුළ විශාල ශක්තියක් ගබඩා වන අතර, ඒවා පසුව සූර්ය ජ්වාලා සහ කොරෝනීය ස්කන්ධ විමෝචන වැනි ප්‍රබල පිපිරීම් ලෙස පිටතට මුදා හැරේ. මෙම සංසිද්ධිය විද්‍යාත්මකව ‘කෙල්වින්-හෙල්ම්හෝල්ට්ස් අස්ථාවරත්වය’ (Kelvin-Helmholtz Instability) ලෙස හඳුන්වනු ලබන අතර, එය සාගර රළ නිර්මාණය වන ආකාරයට සමාන ක්‍රියාවලියක් බව පර්යේෂකයන් පෙන්වා දෙයි.
මෙම සොයාගැනීම් මගින් පෘථිවියේ විදුලිබල පද්ධති, සන්නිවේදන ජාල සහ චන්ද්‍රිකා වලට බලපෑම් ඇති කළ හැකි ‘අභ්‍යවකාශ කාලගුණය’ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. අනාගතයේදී මෙවැනි සිදුවීම් කලින් පුරෝකථනය කිරීමේ හැකියාව දියුණු කර ගැනීමට මෙම පර්යේෂණය මහත් රුකුලක් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
සූර්යයාගේ මතුපිට පවතින අධික උෂ්ණත්වය සහ ශක්තිය ඉහළ ස්තර වෙත ප්‍රවාහනය වන ආකාරය පිළිබඳව ද මෙම නව දත්ත මගින් පැහැදිලි කෙරේ. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මේ වන විට ‘Nature’ විද්‍යා සඟරාව ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.
