බුලත්සිංහල, උඩුගලකන්ද අමරගෙදර ප්රදේශයේදී අද (07) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළී ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (රියදුරු ද ඇතුළුව) සිටින බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන්ගෙන් 08 දෙනෙකු බුලත්සිංහල ප්රාදේශීය රෝහලටත්, සෙසු 06 දෙනා හොරණ දිස්ත්රික් රෝහලටත් ඇතුළත් කර ප්රතිකාර ලබා දෙනු ලැබේ.
රෝහල්ගත කර ඇති පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
