සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය යන රටවල් තුන ඒකාබද්ධව නව ආරක්ෂක ගිවිසුමකට එළඹීමට පියවර ගෙන ඇත. ‘මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම’ ලෙස නම් කර ඇති මෙම ගිවිසුමට අදාළ රාජ්‍ය නායකයන් විසින් මක්කා නගරයේදී අත්සන් තබා තිබේ.

මෙම අවස්ථාව සඳහා සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්, තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්දෝආන් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එක්ව සිටියහ.

මෙම ගිවිසුම මගින් රටවල් තුන අතර හමුදා සහයෝගීතාවය ඉහළ නැංවීම, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ. මීට අමතරව, කලාපීය වශයෙන් පවතින ත්‍රස්තවාදී තර්ජන මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට ද මෙමගින් එකඟතාව පළ වී තිබේ.

කලාපීය ආරක්ෂක අභියෝග හමුවේ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම ත්‍රෛපාර්ශවික ගිවිසුමේ මූලික අරමුණ බව එම රටවල් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version