බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් බරපතල අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් යානයේ ගුවන් නියමුවා සහ තවත් මගීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය මගීන් තිදෙනා කොලොම්බියානු ජාතිකයින් බව ද හඳුනාගෙන තිබේ.

අදාළ යානය සංචාරකයින් සඳහා ගුවන් ගමන් සපයන පෞද්ගලික සමාගමකට අයත් එකක් බව සඳහන් වේ. යානය කඩා වැටීමෙන් අනතුරුව එහි ගින්නක් ද හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් කඩිනමින් එම ස්ථානයට පැමිණ කටයුතු කර ඇත.

අනතුර සිදුවූ ආකාරය පිළිබඳව බලධාරීන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version